BCOM E1065 - Introduction to E-Commerce & IT (Sinhala Medium -Study Guide)
Sinhala Medium

විද්‍යුත් වාණිජ්‍යය සහ තොරතුරු තාක්‍ෂණය වර්ථමාන ව්‍යාපාර පරිසරය තුල විශාල කාර්යභාරයක් ඉටු කරයි. භෞතික වෙළඳපොල තුලට පමණක් ව්‍යාපාර කටයුතු සීමා නොකර අන්තර්ජාලය හරහා වඩාත් පුළුල් ගනුදෙනු පරිසරයක් විද්‍යුත් වාණිජ්‍යය තුලින් ඇති කරයි.

 

නවීන ලෝකය තුල අන්තර්ජාලය තව දුරටත් නවීන සංකල්පයක්  නොවන බැවින් වානිජ්‍ය විද්‍යාව හදාරන විද්‍යාර්තීන් වශයෙන් තොරතුරු තාක්ෂනය සහ විද්‍යුත් වාණිජ්‍යය පිළිබද දැනුම අත්‍යවශ්‍ය වේ

 

Course Code: BCOM E1063
Title- විද්‍යුත් වාණිජ්‍යය සහ තොරතුරු තාක්‍ෂණය හැදින්වීම
Type- අනිවාර්ය (Compulsory)

 

මෙම පාඨමාලාව තුල පහත පාඩම් ඒකක අන්තර්ගත වේ.

තොරතුරු තාක්ෂණය, එහි මුලික සංකල්ප සහ එහි වැදගත්කම හදුනා ගැනීම, පරිගණකයක කොටස්, එහි මුලික කාර්යයන් සහ යෙදවුම් හදුනා ගැනීම, පරිගණක තාක්ෂණයේ පරිණාමය හදුනා ගැනීම,ප්‍රධාන මෘදුකාංග වර්ග වෙන් කොට දැක්වීම, මෘදුකාංගවල පොදු ක්‍රියාකාරකම් විස්තර කිරීම, දත්ත සන්නිවේදනයෙහි සහ පරිගණක ජාලයන්හි මුලික සිද්ධාන්ත විස්තර කිරීම, තොරතුරු පද්ධති පිලිබඳ මුලික අවබෝධය ලබා ගැනීම, පරිගණක ආචාරධර්ම සහ ආරක්ෂණ ක්‍රමවේද පිලිබඳ වීම, විද්‍යුත් වානිජ්‍යය සහ විද්‍යුත් ව්‍යාපාරයන්හි යෙදවුම් සාකච්ඡ කිරීම